ට්‍රම්ප්ගේ උපන් දිනය දා ධවල මන්දිරයේ ‘සටනක්’


ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය සහ ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන්, ධවල මන්දිර ගෙවත්තේ මිශ්‍ර සටන් තරගයක් පැවැත්විණි.

ඇමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිර ගෙවත්තේ පැවැත්වුණු පළමු වෘත්තීය ක්‍රීඩා තරගය මෙය විය. 

ජනාධිපති ට්‍රම්ප්ගේ සංකල්පයකට, ‘යූඑෆ්සී ෆ්‍රීඩම් 250’ යන නමින් නම් කළ මෙම තරගය, ලෝක ප්‍රකට මිශ්‍ර සටන් කලා සංවිධානයක් වන ‘යූඑෆ්සී’ විසින් සංවිධානය කරනු ලැබ තිබුණි.‘යූඑෆ්සී’ ප්‍රධානී ඩේනා වයිට් ට්‍රම්ප්ගේ සමීප මිතුරකු වන බැවින්, ධවල මන්දිර ගෙවත්තේ තරගයක් පැවැත්වීමට කිසිදු බාධාවක් එල්ල නොවිණි.

ගෙවත්තේ සටන් වේදිකාවක් ද ඉදිකර තිබුණි. සටන පැවැත්වූයේ ජස්ටින් ගේජි සහ ඉලියා තොපූරියා අතරේය. ​ජයග්‍රහණය කළේ ජස්ටින් ගේජි ය.

ජනාධිපති ට්‍රම්ප්, මෙලනියා ට්‍රම්ප්, ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම ‘මෙටා’ සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වැනි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු 4,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් සටන නැරැඹීඹට ධවල මන්දිර ගෙවත්තට පැමිණ සිටියහ.