ජෝර්දාන් කෑම අජීර්ණ වේ
ජෝර්දාන ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැකවරණ යටතේ සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 130 දෙනෙකු ආහාර විෂවීමෙන් හදිසියේ රෝහල් ගත කළ බව එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
අම්මාන් නුවර අවන්හලකින් රාත‍්‍රි ආහාර ගැනීමෙන් පසුව වමනය සහ බඬේ අමාරුව සෑදී ඇත.
මේ පිරිසට කෑම සැපයූවේ තානාපති කාර්යාලයෙන් බවත්, අවන්හලක කෑම නොගෙනා බවත්, ජෝර්දානයේ සිටින ජයරත්න මහතා දුරකතනයෙන් ‘එසැණ‘ට දැන්වීය.
කෑමට ලැබුණේ කුකුළුමස්, මාළු හා ඇපල් බව ජෝර්දානයේ පුවතත්පත්වල පළවී ඇති බවත් ඔහු පවසයි.

