ජෝර්ජ් කිට් නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර දෙකක් රටින් පිට කිරීම වළක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන හා විගමන පාළකට අද (24) නියම කළේය
ශ්‍රී ලංකාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වන ජෝර්ජ් කිට්ගේ මෙම චිත්‍ර දෙක සොරගෙන ඇත්තේ ජෝන් කීල්ස් සමාගමෙනි. චිත්‍ර දෙකෙහි වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.
මව හා දරුවා යන චිත්‍රයද වසන්ති නැමති චිත්‍රයද ජුලි 12-19 අතර කාලයේදී සොරාගෙන ඇතැයි සමාගම් සේවකයෙක් කොම්පඤ්ඤවීදීය පොලීසියට පැමිණිළි කැර ඇත.
සොරකම් කළැයි කියන චිත්‍රයක් බ්‍රිතාන්‍ය පවුම් 35000 (රුපියල් 7140000) කට ලන්ඩන් වෙන්දෙසියකදී විකුණා ඇතැයි එම සමාගම පොලීසියට කියා ඇත.

