(නිමන්ති රණසිංහ)
සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් කර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලබන 13 වැනි දා සිට දින 10ක් විදේශ ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (09) අවසර දුන්නේය.
ජොන්ස්ටන් මහතාගේ බිරිඳගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතවීමට අවසර ලබා දෙන අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය මෙලෙස අවසර ලබා දුන්නේය.

