(නිමන්ති රණසිංහ)
අභියාචනාධිකරණ නියෝගයට අනුව අධීකරණයට භාරවූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියෝග කළේය.
සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝගයක් නිකුත් කළේය.
තමන් අත්අඩංගුවට ගැනීම වලකාලන නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (08) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූණී.
එම රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයාට නියෝග කර තිබුණේ අද (09) රාත්‍රී 8.00ට පෙර වහාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට භාරවන ලෙසය.
මෙම පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවකු ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබිණී.
(ඡායාරූප: ගයාන් අමරසේකර)