ජේම්ස් පිරීස් මුණුබුරු මරණය සැකයි
ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ මරණය සැක බවට ඔහුගේ පුත් හරීන් ඩයස් කළ ප්‍රකාශය නිසා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කළේය.
ලන්ඩනයේ පදිංචි හරීන් ඩයස් මහතා මරණය සැක සහිත බව නීතීඥ සංගමය මගින් පොලීසියට දැන්වීය.
පාර්ශ්ව දෙකක් මරණය ඉල්ලා සිටී.
ඔහු මියගියේ පසුගිය 18 වැනිදාය. පදිංචිව සිටියේ කොල්ලුපිටියේ කැමරන් පෙදෙසේය.
මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුවක් නොදැක්විණි. ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා පැවසූවේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ලවා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි. ඔහුට දුන් බෙහෙත් ද, ඔහු මිය ගිය ස්ථානය ද පරීක්ෂා කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
මරණ පරීක්ෂණ වාර්තාව සිකුරාදා ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.

