ජේ ආර් සමරුවට කතානායක


මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 107 වැනි ජන්ම දින සැමරුම කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජයවර්ධන කේන්ද්‍රයේදී අද පැවැත්විණි.

කතානායක චමල් රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයා වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා දිවංගත ජයවර්ධන ජනාධිපති ගැන ප්‍රධාන සමරු දේශනය පැවැත්වීය.

චමල් රාජපක්ෂ කථානායක විසින් ඔහු සන්තකයේ තිබූ ජේ ආර් ජයවර්ධන මහතා ජනාධිපතිව සිටි කාලයේ රාජපක්ෂවරුන් සමග ගත් දුර්ලභ පැරණි ඡායාරූප කීපයක් ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් නිහාල් හේවගේ මහතාට බාර දුන්නේය.