ජෙට් සද්දෙට පොල්පිතිගම වැසියන් බය වෙලා


( සිසිර කැලේගම )
 
පුහුණු වන ජෙට් යානයක් පහළින් පියාසර කිරීමෙන් ඇති වූ විශාල ශබ්දයක් නිසා  පොල්පිතිගම  ප්‍රදේශවාසීහු අද (29) දහවල්  කලබලයට පත්වූහ.
 
මොරගොල්ලාගම, කරඹේ, රඹේ, තලාකොලවැව ප්‍රදේශවලට පවා මෙම ශබ්දය ඇසුණු බව ප්‍රදේශවාසීහු කිහ.
 
මෙය පිපිරුම් ශබ්දයක් ලෙස වටහා ගත් ඇතැම් පුද්ගලයන් පොලිසියට පවා දැනුම් දුන් බවත්, ශබ්දය හට ගෙන ඇත්තේ ජෙට් යානයක් නිසා යැයි පසුව දැනගත් බවත් පොලිසිය පවසයි.