
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.
මෙම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සහ සිංගප්පූරු සමාගමක් එක්ව පවත්වාගෙන යන කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානයකි.2018 වසරේ ආරම්භ කරන ලද මෙම කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානය දකුණු ආසියාවේ එම වර් ගයේ එකම මධ්‍යස්ථානය ලෙස සැලකේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය, ආර් ථික ඒකක ප්‍රධානී ෆිලිප් ලූස්ලි මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රෙහාන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

