හැත්තෑ පස් හැවිරිදි කාන්තාවකගේ හිස, කණ හා මුඛය වසා පැතිරෙමින් මොළය දක්වා වර්ධනය වෙමින් තිබූ ගෙඩියක් පැය හතරක සැත්කමකින් ඉවත් කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය සමත්වූ බව එහි ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි.
මොලයට බරව තෙරපුමක් ඇතිකරමින් පැතිර තිබූ ගෙඩිය හේතුවෙන් එම මහළු කතගේ හිස් කටුව තුනීවීමේ අවදානමකටද ලක්ව තිබූ බව වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි.
කොළඹ ප්‍රදේශයේ කාන්තාවක් වන ඇය වසර 10ක් තිස්සේ එම ගෙඩිය හේතුවෙන් වින්දාය. මේ සැත්කම පිළිබඳ යම් අවදානමක් තිබූ බව ද වෛද්‍යවරු කියති. අවදානමක් මධ්‍යෙය් වුව ද සැත්කම සාර්ථක වූ බව වෛද්‍ය පෙරේරා මහතා කියයි.








