ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගුරු අත්පොත සිංහලෙන් නැහැ


(විනීතා එම් ගමගේ)

උසස් පෙළ ජීව විද්‍යාව අලූත් විෂය නිර්දේශය සදහා සිංහල භාෂාවෙන් ගුරු මාර්ගෝපදේශ සහිත පොතක් මුද්‍රණය කර නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) ප‍්‍රකාශ කළේය.
 
එම විෂය උගන්වන ගුරුවරුන් සදහා ගුරු පුහුණුවක් ද ලබාදී නැතැයි හෙතෙම සදහන් කළේය.
 
 ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගුරු අත්පොත හා ගුරුවරුන් සදහා ඉංග‍්‍රිසියෙන් හා දෙමළ භාෂාවෙන් අන්තර්ජාලයට එක්කර තිබුණත් විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයට දරුවන් ලියන තුරුත් සිංහල පරිවර්තනය ඉදිරිපත් කරන්නට රජය අසමත් වී ඇතැයි ද හෙතෙම සදහන් කළේය.         
 
මෙයින් සිංහල භාෂාවෙන් උසස් පෙළට පෙනී සිටින දරුවන්ට විශාල අසාධාණරණයක් වන්නේ යැයි ද හෙතෙම සදහන් කළේය.
 
මේ රටේ ජීව විද්‍යාව හදාරන දරුවන් ගෙන් සාතිෂය බහුතරයක් එම විෂය හදාරන්නේ සිංහල භාෂාවෙන් බවත් මේ සිංහලෙන් ඉදිරිපත් කර තිබු විෂය ඒකක වල පවා පරිවර්තන දෝෂ විශාල ප‍්‍රමාණයක් තිබු බව ද හෙතෙම කියා සිටියේය.
 
පාරිභාෂික පද පමණක් නොව ෆෝ යන වචනය පවා සිංහලට පරිවර්තනය කර තිබුණේ දෙක යනුවෙන් බවත් එයින් පෙනී යන්නේ එම  පරිවර්තන කර ඇත්තේ දෙකේ පන්තිය වත් සමත් නැති පිරිසක් බවත් යැයි ද හෙතෙම කියා සිටියේය.
 
සිංහල භාෂාවෙන් පමණක් විෂය නිර්දේශ ඉදිරිපත් නොකර මේ වනිවට විභාගය පවත්වා අවසන් බවත් සිංහලෙන් පමණක් විභාගයට ලියු දරුවන්ගේ දෙමාපියන් ගේ වෛද්‍ය විද්‍යාල සිහිනය අහිමි වී ඇතැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
 
2019 ජීව විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට සිංහල භාෂාවෙන් පිළිතුරු ලියා ලකුණු අහිමි වීෙමි අවදානමට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් ආණ්ඩුව කරන්නට බලාපොරොත්තු වන සාධාරණය කුමක් දැයි ගම්මන්පිල මහතා විමසා සිටියේය.
 
 සිංහල විෂ්‍ය නිර්දේශයේ පාඩම් විෂය කරුණූ හා පරිවර්තන දෝෂ නිවැරදි කර 2020 හා 2021 වසරවල හෝ විභාගයට ලියන දරුවන්ට හෝ සාධාරණය ඉටුකරන්නේ කවදාද යන්නත් හෙළි කරන්නැයි හෙතෙම ඉල්ලා සිටියේයය.
 
ජීව විද්‍යා විෂ්‍ය නිර්දේශය සකස් කිරීමේ කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ ජීව විද්‍යා උපාධියක් වත් නොමැති කාන්තාවක් යැයි පැවසූ මන්ත‍්‍රීවරයා මෙවැනි දේ සිදුවීම එසේ නම් පුදුමයට කරුණක් නොවන බව ද පැවසීය.