ඉතාලි රාජ්‍ය රුපවාහිනි නාළිකාවක් වන රායි ස්ටෝරියා බදදා රාත්‍රියේ ප්‍රචාරය කළ ශ්‍රි ලංකාව පිළිබද වර්තාමය වැඩසටහන අභුත චෝදනා ඇතුළත් පක්ෂග්‍රාහි වැඩසටහනක් බව ඉතාලි ශ්‍රි ලාංකිකයෝ පවසති.
පලෙර්මෝ රෙජියමිල්ලියා නගරවල සිට එම වැඩසටහන හා සම්බන්ධ වු දමිල ජාතිකයින් තමන්ට මව්බිමට යා නොහැකි බවත් ගුවන් තොටුපළේදීම රැගෙන ගොස් මරා දම බවත් උතුරු පලාත දැඩි ලෙස සිංහල කරනය කරමින් පවතින බවත් ඔවුහු එහිදි පැවසුහ. යුරෝපයේ කොටි හිතවාදින්ගේ උවමනාව මත කිසිදු සොයා බැලිමකින් තොරව අසත්‍ය ප්‍රචාරය කිරිමෙන් රායි රුපවාහිනි නාළිකාව ශ්‍රි ලංකාව අපකිර්තියට පත් කළ බව ඉතාලියේ ශ්‍රි ලාංකිකයෝ කියති.
තානාපති බෑනට් කුරේ මහතා කියා සිටියේ අදාල රුපවාහිනි නාළිකාවට රජයේ අප්‍රසාදය පළකිරිමට කටයුතු කරන අතරම බොරුව පමණක් අන්තර්ගත මෙවැනි වැඩසටහන් ඉදිරියේදි විකාශනය නොකිරිමට ඉතාලි විදේශ අමාත්‍යංශය දැනුවත් කරන බවයි.
උතුරු ඉතාලි ශ්‍රි ලාංකික ව්‍යාපාරික එකමුතුව කියා සිටියේ ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රි සෙනට් සභික ඉතෙෆනෝ වකාරි වෑනි ශ්‍රි ලෙංකාවට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමක් හා අසත්ය ප්‍රචාරය කල රායි රුපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිසක් ලංකාවට රැගෙන ගොස් සත්‍ය හෙළිකිරිමට ඉදිරියේදි කටයුතු කරනා බවයි.
24 වැනිදා ජිනිවා නුවර පෑවෑත්වෙන උද්ඝොෂණයට සහභාගි විම සදහා ජෙනෝවා නුවර පදිංචි ශ්‍රි ලාංකිකයින්ට යුරෝ 1700ක් (රුපියල් 309400 ) ගෙවා බස් රථයක් ලබා දීමටද උතුරු ඉතාලි ශ්‍රි ලාංකික ව්‍යාපාර එකමුතුව කටයුතු කළේය.
මේ අනුව ඉතාලියෙන් පමණක් ලාංකිකයින් රැගත් බස් රථ 43ක් ජිනිවා නුවරට යෑමට නියමිතය.

