ජිනීවා විරෝධයට ඉතාලියේ බස් 40 ක්


ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවට ගෙනෙන යොජනාවට එරෙහිව ඉතාලි පාර්ලිමේන්තුව ඉදිරිපිටදි මාර්තු 13වැනිදා සවස 3සිට 5.30 දක්වා උද්ඝෝෂණයක් පැවැත්විමට නියමිත බව රෝමයේ ශ්‍රි ලාංකිකයෝ පවසති.

වියා කොලොන්නා මොන්තේ චිතොරියෝහිදි මෙම උද්ඝොෂණය පැවැත්වෙන බව ඔවුහු කියති.

මාර්තු 24 වැනිදා  උදෑසන ජිනිවා නුවර එක්සත් ජාතින්ගේ මානව් හිමිකම් මුලස්ථානය ඉදිරිපිටදි ද යුරෝපයේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ මෙවැනිම උද්ඝෝෂණයක් පැවැත්විමට නියමිතය.

 ඒ සදහා ඉතාලියේ නොයෙක් නගර නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයින් රැගත් බස් රථ 40 කට ආසන්න ප්‍රමාණයක් ජිනිවා නුවර බලා යෑමට නියමිත යැයි සංවිධායකයෝ පවසති.