ජිනරාජ සිසුවියෝ 108ක් අදත් රෝහලේ


ගම්පොල ජිනරාජ විදුහලේ තවත් සිසුවියෝ තිදෙනෙක් අද ගම්පොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුනට ඇතිවූ ආසාධනයට හේතු සොයා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. දැනට රෝහලේ 108 දෙනෙක් ප්‍රතිකාර ලබති. කැසීම, පළු දැමීම, ක්ලාන්තය හා හුස්ම ගැනීමේ අපහසුව රෝග ලක්ෂණ බවත්, පරිසරයේ රසායනයකින් හෝ ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් මේ අසාධනය ඇති විය හැකි බවත් වෛද්‍යවරු අනුමාන කරති. රෝහලේ හෙද වර්ජනය ද සියලු රෝගීනට බලපෑමක් ඇති කරයි.