ජිඑම්ඕඒ වර්ජනය අසාර්ථකයි ඇමැති රාජිත කියයි


(රංජන් කස්තුරි )

රජයේ  වෛද්‍ය  නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය මෙවර  ඉතාම අසාර්ථක වු බව කැබිනට්  සම ප්‍රකාශක ඇමැති  රාජිත සේනාරත්න මහතා  කොළඹ රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති  සාකච්ඡාවක දි පැවසිය.

කොළඹ ජාතික රෝහල, ශ්‍රි ජයවර්ධනපුර  රෝහල ඇතැම් රටපුරා  රෝහල්  ගණනාවක වෛද්‍යවරුක්  පිරිසක්  සාමාන්‍ය පරිදි රෝගි සත්කාර  සේවාවල නිරත වු බව ඇමැතිවරයා  සඳහන් කළේය.

රාජපක්ෂ කල්ලියේ  අවශ්‍යතාවය මත රජයේ වෛදය  නිලධාරින්ගේ සංගමයේ  වැඩවර්ජනවල නිරතවන බව ඉතාම පැහැදිලි  යැයි ද එහිදි  පැවසිය.