ජැක්සන් බලන්න ජනපති ජාතික රෝහලට යයි


(අංජුල මහික වීරරත්න සහ ඩයනා උදයංගනී)

අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය.

ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ ඥාතීන් ද එහිදී හමු වී කතාබහ කර ඇති අතර ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසද රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිට ඇත.