ජාතික ස්නූකර් ශූරයා සුසන්ත
ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත, මෙවර දිනා ගත්තේ සිය 15 වැනි ජාතික ශූරතාවයි.
කොළඹ සුගතදාස හෝටලයේදී ඊයේ (15) රාත‍්‍රියේ නිමා වු මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී නරේෂ් සමරවික‍්‍රම පරදවා සුසන්ත රාමු 7/6 ක තියුණු ජයක් ලැබීය.
බොතේජු මෙවර ශූරතාව දිනා ගත්තේ පිට පිට පස්වැනි වරටය. ඔහු 1996 වසරේ සිට 2001 වසර දක්වා පිට පිට හය වරක්ම ජාතික ශුරතාව දිනා ගැනීම ද විශේෂත්වයකි.
අනුශූරතාව දිනාගත් නරේෂ්, 2002 වසරේ ජාතික ශූරතාව දිනාගැනීමට සමත් වු ක‍්‍රීඩකයාවේ. නරේෂ් 2006 වසරේ පැවැති ජාතික තරගාවලියේ අවසන් තරගයේදී සුසන්ත හමුවේ පරාජය ලබා අනුශූරතාව දිනා ගැනීමට සමත්විය.

