කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ කටයුතු යළි ඇරැඹු බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් පටිපාටියට අනුව එම පරීක්ෂණ සදහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබාගැනීමේ ප්‍රමාදයක් තිබු බැවින් එම කටයුතු මාස හතරක් තිස්සේ මුළු මනින්ම නතර කර තිබු අතර ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා අවශ්‍ය ඉදිකටු වර්ගය ලබා ගැනීමෙන් අනතුරුව නැවත පරීක්සණ කටයුතු ඇරැඹු බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම පරීක්ෂණ කටයුතු නතරවී තිබීම සම්බන්ධව මාධ්‍ය මඟින් කළ හෙළිදරව්වෙන් අනතුරුව අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලා ක්‍රියාත්ම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වීමෙන් කඩිනමින් පරීක්ෂණ කටයුතු ඇරැඹිමට හැකි වු බවද බවද හෙතෙම සඳහන් කළේය.
(36698)
ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි අරඹයි
Recommended Articles