ජාතික රෝහල වටේ මුර තර වේ


ගස්කිස්සේදී පහරකෑමට ලක්වූ මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා විනිසුරුවරුන් හැර අන් අයට රෝහල් ගේට්ටුවෙන් අවසර නොලැබිණි. පුවත්පත් වාර්තාකරුවනට හා කැමරා ශිල්පියන්ට රෝහලට ඇතුළුවීමට ඉඩ නොලැබිණි. රෝහල වටේ පොලිස් ආරක්ෂාව තර කර ඇත.