
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් ජාතික රෝහල ඉදිරිපිට අද (28) පැවැත්විය.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල , විදුලි බිල ,ජල බිල ,දුරකථන බිල,ප්‍රවාහන වියදම් ,බැංකු ණය වාරික වැඩිවීමට විරෝධය පළ කරමින් හා ජීවන වියදමට සරිලන දීමනාවක් වහා ලබා දෙන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත විය.


