ජාතික ගීය හස්ත මුද්‍රාවෙන්


සමාජ ඒකාබද්ධතා සතියේ සමාරම්භක උළෙල අද (15) ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

සමාජ ඒකාබද්ධතාවය මූලික කරගත් විවිධ ජාතීන්ගේ සංස්කෘතික නැටුම් ඇතුළු වැඩසටහන් පැවැත්විණි.

ප්‍රථම වරට ජාතික උත්සවයකදී ගොළු දරුවන් ජාතික ගීය හස්ත මුද්‍රාවෙන් ගායනා කිරීම විශේෂත්වයක් විය.