ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා රවිඳුට - මිහිලියාට
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කළ 23 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට රවිඳු ලක්සිරි සහ මිහිලියා මෙත්සරණී සමත්වුහ. කොළඹ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජයීය ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී වයස් කාණ්ඩ හයකින් පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 300 කට ආසන්න පිරිසක් සහභාගිවුහ.
රවිඳු ලක්සිරි, 19 න් පහළ සහ 17 න් පහළ (බාලක) වයස් කාණ්ඩ දෙකේ ශූරතා දිනාගත්හ. ජාතික කාන්තා ස්කොෂ් සංචිතයේද සිටින මිහිලියා මෙත්සරණී 17 න් පහළ වයස් කාණ්ඩය මෙන්ම 19 න් පහළ බාලිකා වයස් කාණ්ඩය ද ජය ගනිමින් ද්විත්ව ශූරතා දිනාගත්තාය.
15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරයා වු ෂමිල් වාකිල්, 17 න් පහළ වයස් කාණ්ඩයේද අවසන් තරගයට එමින් අනුශූරයා විය. වයස 19 න් පහළ සහ 17 න් පහළ බාලිකා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් නදුනි ගුණවර්ධන අනුශූරතා හිමිකර ගත්තාය. දුවින්ක පෙරේරා සහ සඳුනි ගුණවර්ධන වසරේ නැඟී එන ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාට හිමි සම්මාන ලැබුහ.
පස්වැනි වරටත් සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ ‘රිට්ස්බරි’ නිෂ්පාදන මෙම තරගාවලියට අනුග‍්‍රහය දැක්වීය.
අවසන් තරග ප‍්‍රතිඵල:
● 9 න් පහළ (බාලක)
නවිඳු ලක්මන් විසින් අකිල අතපත්තු පරාජය කරන ලදී. (11/5, 11/2, 11/2)
● 9 න් පහළ (බාලිකා)
යෙහෙනි කුරුප්පු විසින් චෙනිත්මා සිංලේ පරාජය කරන ලදී. (11/13, 11/2, 11/5, 11/2)
● 11 න් පහළ (බාලක)
මෙත්මල් වුඞ් විසින් අයි.ආර්.අස්වින් පරාජය කරන ලදී. (11/7, 12/10, 11/9)
● 11 න් පහළ (බාලිකා)
සමීරා ඞීන් විසින් නිම්සරි වීරසිංහ පරාජය කරන ලදී. (11/3, 11/4, 11/5)
● 13 න් පහළ (බාලක)
දුවින්ක පෙරේරා විසින් මෙත්මල් වුඞ් පරාජය කරන ලදී. (11/9, 11/5, 11/7)
● 13 න් පහළ (බාලිකා)
කසුනි ගුණවර්ධන විසින් කියාරා ගුරුගේ පරාජය කරන ලදී. (11/5, 11/1, 11/4)
● 15 න් පහළ (බාලක)
ෂමිල් වාකිල් විසින් විදුරංග උදන්ත පරාජය කරන ලදී. (11/8, 11/8, 11/9)
● 15 න් පහළ (බාලිකා)
සඳුනි ගුණවර්ධන විසින් කසුනි ගුණවර්ධන පරාජය කරන ලදී. (17/15, 8/11, 11/5, 11/9)
● 17 න් පහළ (බාලක)
රවිඳු ලක්සිරි විසින් ෂමිල් වාකීල් පරාජය කරන ලදී. (11/1, 11/3, 11/4)
● 17 න් පහළ (බාලිකා)
මිහිලියා මෙත්සරණී විසින් නදුනි ගුණවර්ධන පරාජය කරන ලදී. (11/6, 11/8, 11/9)
● 19 න් පහළ (බාලක)
රවිඳු ලක්සිරි විසින් යසුන් වීරසුරිය පරාජය කරන ලදී. (11/2, 11/0, 11/4)
● 19 න් පහළ (බාලිකා)
මිහිලියා මෙත්සරණී විසින් නදුනි ගුණවර්ධන පරාජය කරන ලදී. (11/6, 11/5, 11/5)

