ජවිපෙ හයකුත් අත්අඩංගුවට


ජනතා විමුක්ති පෙරමුණ පානදුර බස් නැවතුම් පොළේ පැවැත්වූ වීදි නාට්‍යයේදී පහර කෑමට ලක්ව රෝහල් ගත වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනෙක් ද, එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික බස් සේවකයෝ දෙදෙනෙක් ද රෝහලේ දීම අද අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුනට පොලිස් මුර යොදා ඇත.

සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.