දුර බැහැර රැකියාවල ගොස් සිටින අයට සිය ඥාතීන්ගේ සිරුරු හෝ දැක ගැනීම සඳහා මීරියබැද්දේ සිරුරු ගොඩ ගන්නැයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ඇමැතිවරයා ඔහුට කීවේ පස් ඉවත් කිරීම අපහසු කරුණක් බවයි. එසේ කරන්නට ගියහොත් අනෙක් කඳු ද නාය යෑමේ අවදානමක් මතු විය හැකි බවත් ඇමැති ඔහුට කීවේය.බදුල්ල මහ දිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා කීවේ අවතැන් වු පිරිස් පුනාගල දෙමල මහා විද්‍යාලයයේ හා කොස්ලන්ද විද්‍යාලයයේ ආරක්ෂා සහිතව නවත්වා ඇති බවත් ඔවුන්ට සහන සැලසීමේ කටයුතු සහනසේවා කණ්ඩායම් හා එක්ව සිදු කරන බවයි.

