ජවිපෙ අල්ලස් කොමිසමට යළි යයි


අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව පරීක්ෂණ ප්‍රමාද වන්නේ ඇයි දැයි විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා එහි ගියේය.

ඔහුගේ පැමිණිල්ල මාසයකට කලින් ඉදිරිපත් කෙරිණි.

 කොමිසමේ අපක්ෂපාතීත්වය රැකෙන අන්දමින් සභාපති තාවකාලිකව එම තනතුරින් නතර කැර පැමිණිල්ල විභාග නොකරන්නේ මන්දැයි දැන ගැනීමට අයිතියක් මහජනයාට අයිතියක් ඇතැයි ඔහු කියයි.

කොළඹ නාගරික මන්ත්‍රී සුනිල් වටගල මහතාද මේ ගමනට එක් විය.