(එච්.එස්.ඒ.නන්දන)
ලබුගම සිට අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යන ප්‍රධාන ජල නලයක් හංවැල්ල නගරයේ දී පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ජලය නොමැති කමින් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත.
මෙම පිපිරීමෙන් කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි වී ඇත.
කඩුවෙල, ජල්තර ,රණාල,ජයවීර ගොඩ,කළුඅග්ගල,කහටපිටිය,කරගල්ල,සීතාවක,ඊරියගො ල්ල,පැතුම්පුර,සහ තදාසන්න ප්‍රදේශ රැසක ජනතාව දෛනික පවිත්‍රතා සහ ජල පරිභෝජනය සඳහා ජලය නොමැති කමින් පීඩාවට පත්විය.හෝටල් ඇතුළු සෙසු ආයතන රැසක් මහත් පීඩාවට පත්ව ඇත.
මේ පිළිබදව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන් දුරකථනයෙන් සිදුකල විමසීමකදී එහි කේ.කේ.ජී.සෙහාරා නමැති ප්‍රකාශිනකාවක් කියා සිටියේ සඳුදා පෙරවරු 10 පමණ වන විට බිදී ගිය ජලනලය යථාතත්වයට පත් කිරීමට හැකි වෙතැයි ඉංජිනේරු අංශය ප්‍රකාශ කට බවයි.