ජර්මනියේ සත්වෝද්‍යානයකින් කොටි-සිංහයෝ -ජගුවරයෙක් පැන යති


ජර්මනියේ බටහිර ලුනෙබැච් හී ඊෆල් සත්වෝද්‍යානයෙන් සිංහයන් දෙදෙනකු, කොටියන් දෙදෙනකු සහ ජගුවරයන් දෙදෙනකු පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 
 
අවට සිටින පදිංචිකරුවන්ට නිවෙස් තුළට වී සිටින ලෙස උපදෙස් දී ඇති අතර සතුන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාතත්මක කර ඇති බව පැවසේ.
 
වළසෙකු ද පලා ගිය නමුත් ඌ වෙඩි තබා මරා දැමූ බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.
 
ජර්මනියේ මාධ්‍ය පවසා ඇත්තේ රාත්‍රීය පුරා පැවති වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් සතුන්ගේ කූඩු වටා පිහිටි ආරක්ෂක වැටට හානි සිදුවී ඇති බවයි. 
 
සත්වෝද්‍යානයට අයත් භූමි භාගයේම සතුන් රැඳී සිටීදැයි අවිනිශ්චිත නමුත් පොලිසිය, ගිනි නිවන භටයන් හා පශු වෛද්‍යවරුන් එක්වී ප්‍රදේශය පීරමින් සෙවුම් කටයුතු වල යෙදෙන බව බලධාරීහු පවසති.
 
පෞද්ගලික සත්වොද්‍යානයක් වන මෙහි අක්කර 74ක පමණ භූමි භගයක විශේෂ 60ක සතුන් 400ක් පමණ වෙසෙන බව පැවසේ. මොවුන් අතර සයිබීරියානු කොටි සහ සිංහයෝ ද සිටිති.
 
 
(බීබීසී ඇසුරිණි - 085)