ජයිකා ආයතනයෙන් කෝටි 6000 ක ණයක්


(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) රුපියල් කෝටි 6000ක ණයක් ලබාදීමට එකඟතාවය පළ කර ඇත.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මා කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ ණය ආධාර යටතේ සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය හා නාගරික ජල සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එම ණය යොදාගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි.