ජයසුන්දර-ගුණරත්න-ආටිගල ඉහළම තනතුරු තුනකට


ජනාධිපති ලේකම් ලෙස   ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා  ද, ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද,  මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද අද(19)  පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  මෙම  පත්කිරීම් කරනු  ලැබ තිබේ.