ජයවර්ධනපුර සරසවි සිසු ගැටුමෙන් තිදෙනෙක් රෝහලේ


(ඉන්දිකා  රාමනායක)


ජයවර්ධනපුර  සරසවියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත සිසුන් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය  කියයි.


විශ්ව විද්‍යාලයේ  පැවති පිරිතක් අතර තුර ඊයේ (30) මධ්‍යම  රාත්‍රි  12.30 පමණ මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධියෙන් පසු පොලිසිය හා විශේෂ කාර්ය  බලකාය කැදවා සිසුන් විසුරුවා හැර ඇති බවද පොලිසි සදහන් කරයි.