තඹුත්තේගම හා අවට ප්‍රදේශයන්හි ජනපතිවරණ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් පිරිස් විවිධ නීති විරෝධී කටයුතු සිදුකළැයි පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි.
පහරදීම්, නිවාස හා දේපොළ හානි, අයථා මුදල් එකතු කිරීම්, ඉඩකඩම් හා රජයේ රක්ෂිතයන් බලෙන් අත්පත් කරගැනීමට උත්සාහ දැරීම ආදී ක්‍රියා සම්බන්ධ පැමිණිලි ලැබී ඇති බවත් තඹුත්තේගම, එප්පාවල, ගල්කිරියාගම පොලිස් වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධව ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කළ බවත් පසුගිය සමයේ අසාධාරණකම්වලට ලක්වූවන්ට පීඩනයක් ඇතැයිද තම පාක්ෂිකයන්ගෙන් අයහපත් කටයුතුවලට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටින බවද උතුරු මැද පළාත් මන්ත්‍රී අනිල් රත්නායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරු පැවසූහ.

