ජයනාත් කොළඹගේ නව නාවික හමුදාපති


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ පත්කොට ඇතැයි නාවික හමුදා මූලස්ථානය කියයි. හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක අද සිට අද්මිරාල් පදවියට උසස් කැරේ. 1978 කැඩෙට් නිලධාරියකු වශයෙන් නාවික හමුදාවට එක් වූ ඔහු 1980 අධිකාරිලත් නිලධාරියෙක් විය. වසර 34 ක සේවා කාලයක් සපුරා ඇති ඔහු උතුරු නැගෙනහිර යුද්ධය නිම කිරීමට දැක්වූ දායකත්වය සහ කැපවීම හේතුවෙන් රණශූර විශිෂ්ට සේවා විභූෂණ උත්තමසේවා යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.. රියර් අද්මිරාල් කොළඹගේ මහනුවර සිල්වෙස්වර් විදුහලේ ආදි සිසුවෙකි. ඔහු බදාදා පෙරවරුවේ නව තනතුරේ වැඩ බාර  ගැනීමට නියමිතය.