ජපුර සිසු තහනම ඉවත් කරයි


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධි අපේක්ෂකයන් 200කට වැඩි පිරිසකගේ පන්ති තහනම කෝන්දේසි විරහිතව අවලංගු කර ඇත.

සිසුන් 189 දෙනකුගේ පන්ති තහනම් කර සිසුන් 40 දෙනකුගේ ශිෂ්‍ය භාවය ද අහෝසි කර තිබිණි.

ඒ සිසුන් සියලු දෙනාගෙම් තහනම උප කුලපති මහාචාර්ය එල් ඒ කරුණාරත්න ජූලි 03 වැනි දා සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කැර ඇත.