රංජන් කස්තුරි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කළ බව එහි උපකුලපති මාහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි.
ගැටුමට අදාල දසුන් සහිත වීඩියෝ දර්ශන පරීක්ෂා කරන බව ද, ඊට සම්බන්ධ සිසුන්ට දැඩි දඬුවම් දෙන බව ද උපකුලපතිවරයා පවසයි.
විද්‍යාපීඨයේ පළමු දෙවැනි හා තෙවැනි වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සතියකට නතර කර තිබෙන බව ද සම්පත් අමරතුංග මහතා කියයි.
පසුගිය සිකුරාදා (30) සිසුන් පිරිසක් පිංකමක් සූදානම් කර තිබුණු අතර පොලු කඩාගෙන පැමිණි තවත් සිසුහු පිරිසක් එම සිසුන්ට පහර දුන්හ.

