ජපුර සමථ මණ්ඩලයට යළි පත්වේ


ශ්‍රී ජයවර්ධනපුර සමථ මණ්ඩලයේ නව සභාපති ලෙස චන්ද්‍රෙස්න හේවා අතපත්තු මහතා යළි අධිකරණ අමාත්‍යංශයෙන් පත්කරනු ලැබ සිටි නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානයක්කාර අතින් ඔහුගේ පත්වීම ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර ලේකම් කාර්යාලයයේදී මේ උත්සවය පැවැත්විණි.

හිටපු නිලධරයෝ 13 දෙනෙක්ම යළි සමථකරුවන් ලෙස පත්වීම් ලදහ.

නුගේගොඩ විද්‍යා විජය විහාරාධිපති කරගහ උල්පත සුගතනන්ද හිමි , අධිකරණ සේවා අමාත්‍යංශයේ හිටපු ලේකම් ධර්මහේවා මද්දුම, හිටපු විභාග කොමසාරිස් ගුණපාල වික්‍රමරත්න,ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් අමල් ජේ එස් එස් එදිරිසුරිය මහත්වරු ද ආරාධිතයන් අතර වුහ.