ජපුර ගින්න නිවයි


ශ්‍රී ජයර්ධනපුර රෝහලේ පරීක්ෂණාගාරයක  මද්‍යසාර පරීක්ෂණයක් කරද්දී අත්වැරදීමකින් ගින්නක් හට ගත් බවත් තාක්ෂණ ශිල්පිනින් දෙදෙනකු සුළු තුවාල ලැබු බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සන්තුෂා පෙරේරා මහත්මිය කියයි.

අසල තිබු කිලෝ 13 ගෑස් ටැංකිවලට ගින්න පැතිර යාමට නොදී ගින්න නිවාගත් බව ඇය පවසන්නීය. පර්යේෂණ බීකරයක් පුපුරා  යාමෙන් මෙම ගින්න හටගෙන ඇත. ශ්‍රියා හේමලතා හා මල්ලිකා රණසිංහ මහත්මීහු  අත්වල පිළිස්සුම් තුවාලවලට රෝහලේම ප්‍රතිකාර ලබති.