ජනාධිපති සිංගප්පූරුව බලා පිටත් වෙයි


(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7 ට පමණ සිංගප්පූරුවට ගොඩ බෑමට නියමිත බව බංගලාදේශ මාධ්‍ය සඳහන් කළේය.