ජනමාධ්‍ය නියාමන කොමිසම පිළිබඳ කෙටුම්පත මාස දෙකක් ඇතුළත සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අද පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
ඒ ගැන සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් පත් කළ අතර එහි සභාපති ලෙස ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පත් කරනු ලැබීය. ආචාර්ය සරත් අමුණුගම, දොස්තර රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන ඇමැතිවරු සෙසු සාමාජිකයෝ ය. කමිටුවේ කැඳවුම්කරු ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පත් කර තිබේ.
ජනමාධ්‍ය නියාමන කොමිසමක් පිළිබද පළමු සංවාද පත්‍රිකාව පසුගිය නොවැම්බරයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජන අදහස් විමසීම ආරම්භ කළේය.

