ජනමත විචාරණයක් එන බව ඇමැති රාජිත කියයි


යෝජිත නව ව්‍යවස්ථාව සකස්කිරීමෙන් පසුව ඒ සඳහා ජනමත විචාරයක් පවත්වා එය සම්මත කරගැනීමට ජනාධිපතිවරයා එකඟවු  බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව අනිකුත් මැතිවරණයන් පැවැත්වීමට පෙර ජනමත විචාරයක් පැවැත්වෙනු ඇති බවද අමාත්‍යවරායා පැවසීය.
 
හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය අද(15දා) විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වු සත්‍යග්‍රහයට එක්වෙමින් අමැතිවරයා එසේ කීවේය.
 
‘‘එක් අයෙකු වටා තිබෙන බලතල මේරටේ මිනිසුන්ට බෙදී යන ආකාරයේ නව ව්‍යවස්ථාවක් අපි හදනවා. පාර්ලිමේන්තුව ව්‍යවසථාදායක මණ්ඩලයක් බවට පත්කර තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදනය ආරම්භකර තිබෙනවා. විමල්ගේ කණ්ඩායම හැරෙන්න මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත් එහි සමාජිකයෝ. මේ ව්‍යවස්තාව සම්බන්ධයෙන් ජනමත විචාරයකට යන්න තිබෙන්නේ දැන්. අද වෙනකොට ජනාධිපතිතුමාත් එකඟවෙලා තිබෙනවා මේ ජනමත විචාරය පවත්වන්න‘ යැයි අමාත්‍යවරයා කීවේය.
 
යහපාලන ආණ්ඩුව‍ බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු ඉටුකරන ලෙස ආණ්ඩුව බලයට ගෙනඒමට දායකවු සිවිල් සංවිධාන සමාජිතයන් සහ ජනතාවය එක්ව ආණ්ඩුවට බලකරීම සඳහා මෙම සත්‍යග්‍රහය පැවැත්විණි.
 
අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා , මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ , ජයම්පති වික්‍රමරත්න  මහත්වරු ද ඊට එක්වූහ.