(අංජුල මහික වීරරත්න)
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (11) ජනාධිපති කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මෙි බව කීය.
දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.
එහිදී අදහස් දැක්වූ සමන්තා පවර් මහත්මිය කීවෙි තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බවයි.
රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට සහතික වූවාය.

