(දීපා අධිකාරී සහ ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් , නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ලෝක බාලදක්ෂ කමිටුවට තේරී පත්ව සිටියි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ වසර 105 ක ඉතිහාසය තුළ ප්‍රථම වරට ලෝක බාලදක්ෂ කමිටුවට පත්වූ ශ්‍රී ලාංකිකයා ඔහු වේ.
අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වූ 41 වැනි ලෝක බාලදක්ෂ සම්මේලනයේ දී ඒ මහතා 2017 සිට 2020 දක්වා කාලය සදහා ලෝක බාලදක්ෂ කමිටුවට වැඩි ජන්දයෙන් තේරී පත් වී තිබේ .
නව තනතුරත් සමග ඒ මහතා අද (24) කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි අතර එතුමා පිළිගැනීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න , නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


(ඡායාරූප-දීපා අධිකාරී)


(ඡායාරූප-ටී.කේ.ජී.කපිල)

