ජනපතිවරණයට අපේක්ෂකයෝ 20 ක්


මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට සඳහා තරග කිරිම සඳහා මේ වන විට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙම 20 දෙනාගෙන් 10 දෙනෙකු ස්වාධීනව තරග කිරිමට ඇප තැන්පත් කර ඇත.

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, අපේ බලය ජනතා පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, නව සිහල උරුමය, ජාතික සංවර්ධන පක්ෂය, ජාතික ජනබල ව්‍යාපාරය යන පක්ෂවලින් ද සාමාජිකයින් ඇප තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමේ අවසන් දිනය මේ මස 7 වැනිදාය.