ඇමැති ඩලස්ගේ නියමයෙන් පරීක්ෂණයක්.ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ.
ඉකුත් ඔක්තෝබර් මස 07 වැනි දින සිට නොවැම්බර් මස 26 වැනි දින දක්වා කාලය තුළ මැතිවරණ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බව ද මේ වන විට හෙළිවී ඇතැයි ද එහි සඳහන් වේ.

