(ප්‍රසාද් මුතුකුඩ)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(28) මීගමුව රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ජනපති සමග සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, රාජ්‍ය ඇමැතිවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අරුන්දික ප්‍රනාන්දු යන අයද එම චාරිකාවට එක්වූහ.
එහිදී රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති පතිරණ මහත්මිය සමග සහ මීගමුව රෝහලේ ඩෙංගු විශේෂ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඒ.ලක්රුවන් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කළ ජනපති රෝහලේ තත්ත්වය පිළිබඳ ඔවුන්ගෙන් කරුණු විමසා සිටියේය.
ඒ අනුව රෝගීන්ට අවශ්‍ය උපරිම පහසුකම් සලසන ලෙසත්, රෝහලේ හෙදියන් හා කාර්ය මණ්ඩලය වැඩි කිරීමටත් කඩිනමින් පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දුන් අතර යුද හමුදාව මගින් තාවකාලිකව ඉදිකරන නව රෝහල් ගොඩනැගිල්ලේ ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමටත් උපදෙස් ලබාදුන්නේය.



