(ටී.කේ.ජී.කපිල සහ විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.
ජනාධිපතිවරයා,ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් තිබේ.
මොවුන් සිව් දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ලියකියවිලි , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත , ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙන විත් අනුමත කර ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.45 ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ .
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම 3 ට පමණ මාලදිවයිනේ මලේ අගනුවරට පැමිණි බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.