(ඩයනා උදයංගනී)
ඉකුත් 9 වැනි දින වූ සිදුවීම්වලින් ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එසේ හානි සිදුකළහොත් පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තව දුරටත් හානිවීම වලක්වා ගැනීම සදහාත්, වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සදහාත් ආරක්ෂක නිලධාරීන් සහ අරගලයට නායකත්වය දෙන පාර්ශව සමග සුදුසු ක්‍රියා මාර්ග ගත් බවත්, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියටත් එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කරන බවත් ඔහු සඳහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
ඉකුත් 9 වන දින සිදු වූ සිදුවීම් සහ ඉන්පසුව ඇති වූ තත්වයන් නිසා කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු වී ඇති බවත් එම ස්ථානවල තිබුණු පෞරාණික හා සංස්කෘතික වස්තූන්ට තවදුරටත් විනාශවීම සිදු වීම හෝ අස්ථාන ගත වීම වලක්වා ගත යුතු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මාගේ විශේෂ අවධානයට යොමු වීය.
මේ අනුව හැකි පළමු අවස්ථාවේදී ම අපගේ නිලධාරීන් එම ස්ථානයන් හී ඇති වටිනා වස්තූන් ආරක්ෂා කර ගැනීමට උපරිම පියවර ගෙන ඇත. අද දින (ජුලී 12) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය( උරුම අංශය) සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමග හානි සිදු වූ බව කියන ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන ස්ථාන මා විසින් පෞද්ගලිකවම පරීක්ෂා කරනු ලැබීය.
එම ස්ථානවල පිහිටි පැරණි ස්මාරකවලට තව දුරටත් හානි සිදුවීම වලක්වා ගැනීම සදහාත්,වටිනා පෞරාණික හා සංස්කෘතික දේපළ ආරක්ෂා කර ගැනීම සදහාත් ආරක්ෂක නිලධාරීන් සහ අරගලයට නායකත්වය දෙන පාර්ශව සමග සුදුසු ක්‍රියා මාර් ග ගනු ලැබීය. අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියටත් එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කරනු ඇත.
මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වලකින ලෙසත් එසේ කළ හොත් ඒ සදහා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මෙයින් අවධාරණය කරමි. තවද, ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම පොදු මහ ජනතාවගේ ද වගකීම සහ යුතුකම බවද සිහිපත් කරමි.