ජනපති මරන්න හැදු කතට අත්හිටවු සිරදඬුවම්


(මනෝප්‍රිය ගුණසේකර)

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් 2008 වසරේදී එල්ල කොට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාවකට වරද පිළිගත්  කාන්තාවකට (62) අත්හිටවු සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු පියසේන රණසිංහ මහතා ඇයට දඩයක්ද නියම කළේය.

චෝදනාවකට වරද පිළිගත් කාන්තාවකට වසර 2ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 10ක කාලයකට අත්හිටවීමට නියම කළ මහාධිකරණය විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 25,000/- ක දඩයක්ද නියම කළේය.

වව්නියාව ප‍්‍රදේශයේ පදිංචි සෙල්වකුමාර් වෙලමනී නමැති විත්තිකාරියට මෙලෙස දඬුවම් නියම කැරිණි.

විත්තිකාරියට නියම කළ රුපියල් 25,000/- ක දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 06ක සිරදඬුවමක්ද නියම කළේය.