(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇත.
නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය ජූලි 20 වැනිදා පැවැත්වේ.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව මේ මොහොත වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත.