ජනපති ජපන් අගමැති සහ අධිරාජයා හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

ජපාන සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ජපාන අධිරාජයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වූ ජනාධිපතිවරයා අනතුරුව නරුහිතෝ ජපාන  අධිරාජ්‍යයා ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදී බැහැදැක සුහඳ සාමීචියක නිරත විය.