ජනපති ගියොත් ඊළඟ ජනපති වත්මන් අගමැති


(අංජුල මහික වීරරත්න)

ජනපතිගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වූ පසුව ව්‍යවස්ථානුකූලව සිදු විය යුත්තේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත්වීම යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

නමුත් ජනතාවගේත් අරගලයේ යෙදී සිටින අයගේත් පොදු මතය මතය වී ඇත්තේ අගමැති ඉවත් විය යුතු බව යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

"එතුමා ඉවත් වෙනවද කොහොමද කියන එක අප දන්නේ නැතැයි"මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කීය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්ෂෝ අබේ මහතා වෙනුවෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙි අවස්ථාවේ ඉතා හොඳ රජයක් ලෙස කටයුතු කරන විට අරගල ව්‍යාපාරයේ යෙදී සිටින පිරිස සමඟ සාකච්ඡා කළ යුතු බවද පාර්ලිමේන්තුව ගන්නා මොන විදිහේ ක්‍රියාමාර්ග තිබුනත් අරගලයේ යෙදී සිටින පිරිසගේ අදහස් යෝජනා සැලකිල්ලට ගෙන කටයුතු කිරීම වැදගත් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ප්‍රමාද වුණොත් දවසින් දවස රට නරක තැනකට ඇද වැටෙන්න පුළුවන් බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරගලයේ යෙදී සිටින පිරිස සමග සාකච්ඡා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ක්‍රියා මාර්ග ගෙන රට සාමකාමී තත්ත්වයට පත් කළ යුතු බවද සඳහන් කළේය.

(ඡායාරූප ශාන්ත රත්නායක)